Friday, June 28, 2013

ආයුබෝං.... කුස පබා බැලුවද?

ඔන්න එහෙනම් ආයුබෝං කියල පිළිගත්තා... නිකටමට වගේ දස දහසක් බ්ලොග් අතරේමටත් බ්ලොග් එකක් කරන්න හිතුනා.. තාම වැඩිය තේරුමක් නෑ... ඒත් මට හිතෙන අත් දකින දේවල් මේකේ කොටලා ඔබත් එක්ක බෙදා හදා ගන්නයි මගේ සුදානම...

මේ ලඟදි හිරු ටී.වී එකේ කුස පබා චිත්‍රපටය විකාශය උනානේ... කොහොම හරි මගේ කරුමෙට මට මේක බලන්න බැරිවුණා.. (ඒ වගේම පවුලේ සැමටත් බලන්න බැරිවුණා..) කොහොම හරි නිකමට මම ජංජාලේ සර්ච් කොරල බලපු වෙලාවේ තමයි මට මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් හම්බ වුනේ...

ඇත්තටම කුස පබා කියන්නේ මෑත ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අද්විතීය නිර්මාණයක්... දර්ශන තල, ඇඳුම් ආයිත්තම් වේශ නිරූපන ආදී සියල්ල ඉතාම උචිතව යොදාගෙන තියනවා...(අනේ මම සිනමා විචාරකයෙක් එහෙම නෙවෙයි...) සංගීතය පැත්ත නම් කියල වැඩක් නෑ... උතුරු ඉන්දියානු රාගධාරී සංගීතය ඉතාම රමණීය විදිහට යොදාගෙන තියනවා... ඔන්න මන් එකේ තිර දර්ශන ටිකකුත් දැම්මා... බැලුවේ නැත්තම් අනිවා බලන්න...මේක ජාතක කතආක් උනාට මාර ආදර කතාවක් යන්නේ... මේක 700mb.. වැඩි ගානකුත් නෑනේ..