Wednesday, August 7, 2013


ස්වරාංජලී වෙතින් ඔන්න අද මම අරගෙන ආවේ හාහා පුරා කියල භජන් ගීතයක්.. භජන් එක අහන්න කලින් ඒ ගැන මූලික අවබෝධයක් ලබා ගත්තහම එකේ උපරිම රස විඳින්න පුළුවන්.. මේවා රස විඳින්න සංගීතය ඉගනගෙන තිබීම අත්‍යවශ්‍ය නෑ..

භජන් කියන්නේ ප්‍රමුඛවම දෙවියන්ගේ ගුණ ගැයෙන උතුරු ඉන්දියානු සරල ශාස්ත්‍රීය ගායන ශෛලියක්.. ඇත්තටම මේ ගී සරල ශාස්ත්‍රීය වෙලා තියන්නේ ඛමාජ්, පීළු, කාෆි, භෛරවී වගේ සරල රාග මේ තනු වලට මූලික වෙලා තියන නිසා.. ඒ වගේම දාදරා, කෙහෙර්වා වගේ තාල මේ ගීත වලට යොදා ගන්නවා..

ඇත්තටම මේ ගී වල දෙවියන්ගේ ගුණ වර්ණනා වෙන නිසා ඉන්දියාවේ  බැතිමතුන් දේවස්ථාන මූලික කරගෙන ඒකල වශයෙනුත් සමූහ වශයෙනුත් මේ ගී ගයනවා.. ඒ නිසා මේ ගී වල භක්ති රසය නොඅඩුව ඉපිදෙනවා.. (ලංකාවෙත් කෝවිල්වල භජන් ගයනවා මම දැකල තියනවා..) ජයදේව විසින් රචිත ගීතගෝවින්දය කියන්නේ භජන් වලින් යුක්ත මහා කාව්‍යක්.. ඒ වගේම සූර්දාස්, තුල්සිදාස්, මීරා බායි කියන්නේ දසදහස් ගණන් භජන් ලියපු අය.. මේ ගී හින්දි, බ්‍රිජ වගේ භාෂා වලින් ලියවෙලා තියනවා..

මේ භජන් එක මීරා භජන් එකක්.. ඒ කියන්නේ මේක මීරා ලියපු එකක් නෙවෙයි.. මීරා වෙනුවෙන් ගැයෙන එකක්.. මීරා බායි ගැන තව විස්තර ගැන දැනගන්න මෙතනින් මේ පද මාලාවම තව ගොඩාක් තනුවලට ගයලා තිබෙනවා.. මේ එක තනුවක් විතරයි..

එහෙනම් මෙන්න භජන් ගීතය මෙතනින් බා ගන්න. 

pag ghunghroo baandh meera naachii re
දෙපයට පාසළඹ පළඳා මීරා සිතූ මනාපේ රැඟුවා..

main to mere narayan ki aap hi ho gaii dasii
මම නාරායන ක්‍රිෂ්ණ දෙවියන්ටම පමණක්ම දේව දාසියක වන වන්නෙමි...

log kahe meera bhaii bavaDi nyaat kahe kulinaasi re
මිනිස්සු පැවසුවා මීරා පිස්සු ගැහැනියක යැයි කියා..
පවුලේ අය පැවසුවා මීරා අපේ කුලයේ ගෞරවය විනාස කරන්නියක ලෙස..


vish ka pyala ranaji bheja peevata meera haansi re
රජතුමා යවන ලද විෂ හළ වස වීදුරුව මීරා බොහොම සන්තෝෂයෙන් පානය කළා..
 

meera ke prabhu girdharnaagar sahaj mile avinasi re

මම ගිරිධර් දෙවියන්ගේ නගරයේ පුරවැසියෙකු බවට පත් වුනෙමි..මෙහි පිස්සුවක් කොහිද?මෙහි ඇති කුල ගෞරවයක් කොහිද?